Saturday, July 2, 2011

මම ඉතාලියේ ඉස්කොලේ ගිය හෑටි 2

ඔන්න ඉතින් අදත්  වතුර බෝතලයක් එහෙම ලගින් තියාගෙන මම සෙට් උනා ලෑපට. අලුත් පොස්ට් එකක් දාන්න.සෙට් උනාට මොකෝ දාන්න පොස්ට් එකක් කල්පනාවට එන්නෙත් නෑහෑ නොවෑ.ම්ම්ම් මොකක්ද දාන්නේ.එකක් නම් හිතට එනවා එකක්,ඒත් ඒක එහෙම හිතු මනාපෙට දාන්න බෑහෑ නොවෑ.ටිකක් හරි වෑරදුනොත් ඔක්කම ඉවරයි.ඔයාලා වෑරදි පාරේ.අනික මේ දවස් වල හිතත් එක තෑනක නෑහෑ.අනිවා වරදිනවා.බොරු කියන්නේ මොකටද,මේ දවස් වල පොඩ්ඩක් ලංකාවේ.මමත් මීට මාස 8කට විතර කලින් පෙම්වතෙක් නේ.ඔන්න ඕකයි කාරනාව.දෑනුත් පෙම්වතෙක් තමයි.ඒත් ඉතින් පළවෙනි එක නෙවෙයි නේ.කිව්වට මෙව්වා මෙහෙම කියන්න හොදද මන්දා.කමක් නෑහෑ මොනවා හන් ගන්නද.අපි යාළුවෝ නේ.කොහොම හරි මේක නම් ඕනවට එපාවට තමයි කරන්නේ.හිටියොත් හිටියා,නෑත් නම් ගියා.ඉතින් මම කිව්වේ නෑහෑ නේ විස්තරේ,මම ලගදි මගේ පරන යාළුවෙක්ට කථා කරා,කෝල් එකක් හොදේ.ඉතින් එයා මට කිව්වා පොඩි කේලමක්.මගෙ පළමු හාදුව වෙන කෙනෙක්ට බහ දීලා කියලා,ඉතින් ඕක ඈහුව වෙලේ ඉදන් මගේ හිත ලංකාවේ.මොනදේ වුනත් මගේ ප්‍රථම ආදරේනේ.ඈත්තටම මම තාමත් එයාට ආදරෙයි ඒක සහතිකයි,නෑත්නම් මොන මගුලටද මෙහෙම අඩන්නේ.අනික හාහා පුරා කියලා පටන් ගත්ත ලවනේ.මං හිතන්නේ අපි යාළුවෙලා අවුරුදු දෙකහාමාරක් ඔය කිව්ව පලහිලව්ව තිබ්බා නොවෑ.අනේ ඉතින් ඕව්වා වෑඩෑක්යෑ.මම අද කියන්නම් කෝ මම ඉතාලියේ ඉස්කෝලේ ගිය දෙවෙනි දවස ගෑන.




ඉතින් ඔන්න මම උන්දෑ දෙවනි දවසෙ උදේ පාන්දර නෑගිටලා දත කට මෑදල ඉස්කොලේ යන්න පිටත් වුනා උදේ 7.30ට,ටිකක් පරක්කු වෙලා.ඉතින් මම එද වගේ නෙවෙයි.කොපි පොතක ඕන කරන වචන ටිකක් ලියාගෙන තමයි ගියේ.හෑම දාම බෑරිවෙන්න බෑ නේ.ඉතින් එදා නම් ඉස්කොලෙට යන කොට වෙලාව හරියටම 7.45 මගේ කෑසියෝ ඔරලෝසු කට්ටේ.ඉතින් ගිය ගමන් වෑදුනා බෙල් ඒක.ඉතින් කවුරුත් සද්ද නෑ.සද්ද නෑ කිව්වේ කට්ටියගේ වෙනසක් නෑ,ඔක්කොම කට්ටි ගෑහිලා කයිය.මම ඉතින් සුපුරුදු පරිදි ගිහින් වාඩි වුනා මගේ බන්කුවෙන්.බෑලුවා වට පිට අදුරන එකෙක් වත් ඉන්න වද කියලා ගිය ආත්මේවත්.මොන මුන් එකෙක් වත් ආත්ම 7කදි වත් හම්බ වෙලා නෑහෑ නොවෑ,මගෙ ඈස් දෙක අදත් නෑවතුනා එක තෑනක.අම්මට හුඩු,ලස්සන කෙලි පොඩ්ඩ්ක් ඉන්නවා,මගෙ හිත පිනාගියා මොනවෑයින්ද.බලාගෙන හිටියා ටික වෙලාවක් ඒ මූන දිහා.මගේ පෑත්තට ඔන්න බොලේ කෙලි පොඩ්ඩ බෑලුවා,මොනවා කරන්නද මේ කරුම ඈහෑට ආපහු ආවා නොවෑ පරණ ලෙඩේ.ඔන්න ඉතින් එක ඈහෑක් වහලා ගෑහුවා ඈහෑක්.අපරාදේ කියන්න බෑහෑ කෙලි පොඩ්ඩ මාත් එක්ක ලස්සන හිනාවක් දෑම්මා,මමත් ඉතින් සෙවල පෙරාගෙන දෑම් මා හිනාව.ඊට පස්සේ තමයි හරි වඩේ වුනේ.මෙන්න මේ කෙලි පොඩ්ඩ මගේ පෑත්තට ගම නා ගමනයේ යෙදෙනවා.අප්පට හුඩු.කිලි අප්පට බල්ලෝ පෑනපි කිව්වලු.දෑන් මොනවා කරන්නද.ගුටි කන්න වයිද,බෑනුම් අහන්න වෙයිද නෑත්නම් මොනවා හරි අහන්න එනවද.බෑන්නත් මොකෝ මට තේරෙන එකක් කියලෑයි.බෑන්නත් හිනාවෙනවා මිසක්.මොනවා හරි ඈහුවොත් තමයි පුරස්නේ වෙන්නේ,දන්නේ ඉතින් ඉතාලියෙන් හූ කියන්නයි විසිල් එකක් ගහන්නයි විතරයි නේ.ඉතින් මගේ එවලේ ඈගේ ලේ ගමනා ගමනය වෑඩි වුනා.දෑන් ඔන්න කෙලි පොඩ්ඩ මගේ ගාවට ලගයි.හිත හදා ගෙනම හිටියා වෙන දෙයක් වුන දෙන් කියලා.මෙන්න බොලේ මේ කෙලි පොඩ්ඩ මාව පස් කරගෙන ඉස්සරහට ගියපි.ඊට පස්සේ තමයි ඈගේ ලේ සාමාන්‍ය අතට ගමන් ගන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය අතරේ රෑස්වීමට බෙල් එක ගෑහුවේ.වෙනදා වගේම මමත් රින්ගුවා රෑස්වීම් ශාලාවට.මගේ සුපුරුදු පුටුව අදත් මට තියෙනවා.මම ඉතින් මගෙ පුටුවේ සෑපට වාඩි වුනා,බෑලුවා වට පිට,මගෙ එහා පෑත්තේ පුටුවේ සුදු කොල්ලෙක් ඉන්නවා. විනාඩි කිහිපයකට පස්සේ පටන් ගත්තා ඔන්න රෑස්වීම.ඒදා වගෙම අදත් පප්පෙක් කියවනවා මොනවද.ඔහොම කියවලා කියවලා ටී ටයිම් කියලා නෑවත්තුවා රෑස්වීම,මගේ ඈස් දෙක ගියා සුපුරුදු මූනක් ලගට,මේ ඉන්නේ රෑස්වීම් ශාලාවේ මගෙ එහා පෑත්තෙන් හිටිය කොලුවා නේද.මම ඉතින් අර වචන ටික ලියාගෙන ආපු පොත අර ගෙන ලගට ගිහින් දෑම්මා ඌට ටෝකක් දන්න එකා වගේ. කොහොම හරි මම ඌත් එක්ක කථා කරා.විස්තර ටිකත් දෑන ගත්තා,ඌත් මම වගේම පිට රටක එකෙක්.වෙනසකට තියෙන්නේ ඌ මට කලින් මෙහේ ඈවිත් තියන්නේ.ඉතින් කොහොම හරි ආපහු රෑස්වීම පටන් ගත්තා.ඔන්න ඉතින් ආපහු අර පප්පා කියවනවා,කෝකටත් කියලා මම හොද අවදානයෙන් හිටියේ.කොහොම හරි ටික වෙලාවකට පස්සේ පළවෙනි පන්තිය ඒ කියලා පටන් ගත්තා පන්තිවලට කඩන්න.ඒ ටික යාන්තම් තේරුම් ඉතාලියෙන් එකේ ඉදන් දහයට ගනන් කරන්න පුලුවන් නිසා.ඉතින් ඔන්න බොලේ මගේ නම වරද්දල පප්පා කියපි ගල්මන්ගොද ගුරුජේ අයුචාන් නුවන්ත කියලා.නුවන්ත කිව්වෙත් අමුතු විදියට.කොහොම හරි මම මුල් පන්තියටම වෑටුනාඉතින් මමත් අනිත් යක්කු ටික එක්කම එලියට ගියා.මෙන්න ඉන්නව දිලිසි දිලිසි අපෙ සර්,දිලිසුනේ තට්ටේ හොදේ.අපෙ සර්ගෙ වට කෙස් මෑද හිස්.ඉතින් ඊට පස්සෙ කතාව අනිත් පොස්ට් එකෙන් කියන්නම්,දෑන් රෑ 11යි වෙලාව.බලන කට්ටිය කොම්මෙන්ට් එකක් දාන්න හොදේ..ඔයාලට බුදු සරණයි!