Showing posts with label මගේ ඉතාලියේ ඉස්කෝලේ. Show all posts
Showing posts with label මගේ ඉතාලියේ ඉස්කෝලේ. Show all posts

Saturday, July 2, 2011

මම ඉතාලියේ ඉස්කොලේ ගිය හෑටි 2

ඔන්න ඉතින් අදත්  වතුර බෝතලයක් එහෙම ලගින් තියාගෙන මම සෙට් උනා ලෑපට. අලුත් පොස්ට් එකක් දාන්න.සෙට් උනාට මොකෝ දාන්න පොස්ට් එකක් කල්පනාවට එන්නෙත් නෑහෑ නොවෑ.ම්ම්ම් මොකක්ද දාන්නේ.එකක් නම් හිතට එනවා එකක්,ඒත් ඒක එහෙම හිතු මනාපෙට දාන්න බෑහෑ නොවෑ.ටිකක් හරි වෑරදුනොත් ඔක්කම ඉවරයි.ඔයාලා වෑරදි පාරේ.අනික මේ දවස් වල හිතත් එක තෑනක නෑහෑ.අනිවා වරදිනවා.බොරු කියන්නේ මොකටද,මේ දවස් වල පොඩ්ඩක් ලංකාවේ.මමත් මීට මාස 8කට විතර කලින් පෙම්වතෙක් නේ.ඔන්න ඕකයි කාරනාව.දෑනුත් පෙම්වතෙක් තමයි.ඒත් ඉතින් පළවෙනි එක නෙවෙයි නේ.කිව්වට මෙව්වා මෙහෙම කියන්න හොදද මන්දා.කමක් නෑහෑ මොනවා හන් ගන්නද.අපි යාළුවෝ නේ.කොහොම හරි මේක නම් ඕනවට එපාවට තමයි කරන්නේ.හිටියොත් හිටියා,නෑත් නම් ගියා.ඉතින් මම කිව්වේ නෑහෑ නේ විස්තරේ,මම ලගදි මගේ පරන යාළුවෙක්ට කථා කරා,කෝල් එකක් හොදේ.ඉතින් එයා මට කිව්වා පොඩි කේලමක්.මගෙ පළමු හාදුව වෙන කෙනෙක්ට බහ දීලා කියලා,ඉතින් ඕක ඈහුව වෙලේ ඉදන් මගේ හිත ලංකාවේ.මොනදේ වුනත් මගේ ප්‍රථම ආදරේනේ.ඈත්තටම මම තාමත් එයාට ආදරෙයි ඒක සහතිකයි,නෑත්නම් මොන මගුලටද මෙහෙම අඩන්නේ.අනික හාහා පුරා කියලා පටන් ගත්ත ලවනේ.මං හිතන්නේ අපි යාළුවෙලා අවුරුදු දෙකහාමාරක් ඔය කිව්ව පලහිලව්ව තිබ්බා නොවෑ.අනේ ඉතින් ඕව්වා වෑඩෑක්යෑ.මම අද කියන්නම් කෝ මම ඉතාලියේ ඉස්කෝලේ ගිය දෙවෙනි දවස ගෑන.




ඉතින් ඔන්න මම උන්දෑ දෙවනි දවසෙ උදේ පාන්දර නෑගිටලා දත කට මෑදල ඉස්කොලේ යන්න පිටත් වුනා උදේ 7.30ට,ටිකක් පරක්කු වෙලා.ඉතින් මම එද වගේ නෙවෙයි.කොපි පොතක ඕන කරන වචන ටිකක් ලියාගෙන තමයි ගියේ.හෑම දාම බෑරිවෙන්න බෑ නේ.ඉතින් එදා නම් ඉස්කොලෙට යන කොට වෙලාව හරියටම 7.45 මගේ කෑසියෝ ඔරලෝසු කට්ටේ.ඉතින් ගිය ගමන් වෑදුනා බෙල් ඒක.ඉතින් කවුරුත් සද්ද නෑ.සද්ද නෑ කිව්වේ කට්ටියගේ වෙනසක් නෑ,ඔක්කොම කට්ටි ගෑහිලා කයිය.මම ඉතින් සුපුරුදු පරිදි ගිහින් වාඩි වුනා මගේ බන්කුවෙන්.බෑලුවා වට පිට අදුරන එකෙක් වත් ඉන්න වද කියලා ගිය ආත්මේවත්.මොන මුන් එකෙක් වත් ආත්ම 7කදි වත් හම්බ වෙලා නෑහෑ නොවෑ,මගෙ ඈස් දෙක අදත් නෑවතුනා එක තෑනක.අම්මට හුඩු,ලස්සන කෙලි පොඩ්ඩ්ක් ඉන්නවා,මගෙ හිත පිනාගියා මොනවෑයින්ද.බලාගෙන හිටියා ටික වෙලාවක් ඒ මූන දිහා.මගේ පෑත්තට ඔන්න බොලේ කෙලි පොඩ්ඩ බෑලුවා,මොනවා කරන්නද මේ කරුම ඈහෑට ආපහු ආවා නොවෑ පරණ ලෙඩේ.ඔන්න ඉතින් එක ඈහෑක් වහලා ගෑහුවා ඈහෑක්.අපරාදේ කියන්න බෑහෑ කෙලි පොඩ්ඩ මාත් එක්ක ලස්සන හිනාවක් දෑම්මා,මමත් ඉතින් සෙවල පෙරාගෙන දෑම් මා හිනාව.ඊට පස්සේ තමයි හරි වඩේ වුනේ.මෙන්න මේ කෙලි පොඩ්ඩ මගේ පෑත්තට ගම නා ගමනයේ යෙදෙනවා.අප්පට හුඩු.කිලි අප්පට බල්ලෝ පෑනපි කිව්වලු.දෑන් මොනවා කරන්නද.ගුටි කන්න වයිද,බෑනුම් අහන්න වෙයිද නෑත්නම් මොනවා හරි අහන්න එනවද.බෑන්නත් මොකෝ මට තේරෙන එකක් කියලෑයි.බෑන්නත් හිනාවෙනවා මිසක්.මොනවා හරි ඈහුවොත් තමයි පුරස්නේ වෙන්නේ,දන්නේ ඉතින් ඉතාලියෙන් හූ කියන්නයි විසිල් එකක් ගහන්නයි විතරයි නේ.ඉතින් මගේ එවලේ ඈගේ ලේ ගමනා ගමනය වෑඩි වුනා.දෑන් ඔන්න කෙලි පොඩ්ඩ මගේ ගාවට ලගයි.හිත හදා ගෙනම හිටියා වෙන දෙයක් වුන දෙන් කියලා.මෙන්න බොලේ මේ කෙලි පොඩ්ඩ මාව පස් කරගෙන ඉස්සරහට ගියපි.ඊට පස්සේ තමයි ඈගේ ලේ සාමාන්‍ය අතට ගමන් ගන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය අතරේ රෑස්වීමට බෙල් එක ගෑහුවේ.වෙනදා වගේම මමත් රින්ගුවා රෑස්වීම් ශාලාවට.මගේ සුපුරුදු පුටුව අදත් මට තියෙනවා.මම ඉතින් මගෙ පුටුවේ සෑපට වාඩි වුනා,බෑලුවා වට පිට,මගෙ එහා පෑත්තේ පුටුවේ සුදු කොල්ලෙක් ඉන්නවා. විනාඩි කිහිපයකට පස්සේ පටන් ගත්තා ඔන්න රෑස්වීම.ඒදා වගෙම අදත් පප්පෙක් කියවනවා මොනවද.ඔහොම කියවලා කියවලා ටී ටයිම් කියලා නෑවත්තුවා රෑස්වීම,මගේ ඈස් දෙක ගියා සුපුරුදු මූනක් ලගට,මේ ඉන්නේ රෑස්වීම් ශාලාවේ මගෙ එහා පෑත්තෙන් හිටිය කොලුවා නේද.මම ඉතින් අර වචන ටික ලියාගෙන ආපු පොත අර ගෙන ලගට ගිහින් දෑම්මා ඌට ටෝකක් දන්න එකා වගේ. කොහොම හරි මම ඌත් එක්ක කථා කරා.විස්තර ටිකත් දෑන ගත්තා,ඌත් මම වගේම පිට රටක එකෙක්.වෙනසකට තියෙන්නේ ඌ මට කලින් මෙහේ ඈවිත් තියන්නේ.ඉතින් කොහොම හරි ආපහු රෑස්වීම පටන් ගත්තා.ඔන්න ඉතින් ආපහු අර පප්පා කියවනවා,කෝකටත් කියලා මම හොද අවදානයෙන් හිටියේ.කොහොම හරි ටික වෙලාවකට පස්සේ පළවෙනි පන්තිය ඒ කියලා පටන් ගත්තා පන්තිවලට කඩන්න.ඒ ටික යාන්තම් තේරුම් ඉතාලියෙන් එකේ ඉදන් දහයට ගනන් කරන්න පුලුවන් නිසා.ඉතින් ඔන්න බොලේ මගේ නම වරද්දල පප්පා කියපි ගල්මන්ගොද ගුරුජේ අයුචාන් නුවන්ත කියලා.නුවන්ත කිව්වෙත් අමුතු විදියට.කොහොම හරි මම මුල් පන්තියටම වෑටුනාඉතින් මමත් අනිත් යක්කු ටික එක්කම එලියට ගියා.මෙන්න ඉන්නව දිලිසි දිලිසි අපෙ සර්,දිලිසුනේ තට්ටේ හොදේ.අපෙ සර්ගෙ වට කෙස් මෑද හිස්.ඉතින් ඊට පස්සෙ කතාව අනිත් පොස්ට් එකෙන් කියන්නම්,දෑන් රෑ 11යි වෙලාව.බලන කට්ටිය කොම්මෙන්ට් එකක් දාන්න හොදේ..ඔයාලට බුදු සරණයි!

Sunday, June 26, 2011

මම ඉතාලියේ ඉස්කොලේ ගිය හෑටි

මම මගේ නම පොඩි උන තෑන ඉදලා පටන් ගන්නම් කෝ....
මගේ සම්පුර්ණ නම තමයි ගල්මන්ගොඩ ගුරුගේ උෂාන් නුවන්ත.ඕක පොඩි කරලා තමා නුවන්ත ගුරුගේ උනේ.මම ලංකාවේ තමා සම්පුර්ණ නම පාවිච්චි කලේ.ඕක ඉතින් පිට රටකට ආවහම වෙනස් කොරන්න උනා.මොනවා කරන්නද.ස්ටය්ල් එකට නම් නෙවෙයි ඕන්.නම වෙනස් කලේ ඈයිද කියලත් කියන්නම්. මම ඉතින් මෙහෙ ඈවිල්ලත් නිකන් හිටියේ නෑ ඔන්න කිව්වා(ඉන්න දුන්නෙ නෑ).අපේ අප්පොච්චි මෙලෝ හසරක් නොඩන්න  මාව දැම්මේ නෑතේ ඉස්කොලේ කට.කිරි අප්පට බල්ලො පෑනපි කිව්වලු.හරියටම මම මේ ඉතාලියට ඈවිත් මස 2.මට එතකොට වයස  16ක් විතර.ඒ කියන්නෙ මම ඕලෙවල් ලියන වර්ශයේ.2008.ඉතින් ඔය ඉස්කොලේ සෑප්තැම්බර් 28 පටන් ගත්ත නොවෑ.මෙහෙ ඉස්කොල අලුත් අවුරුද්දක් පටන් ගන්නෙ සෑප්තැම්බර් නොවෑ.නිවාඩු දෙන්නේ ජුනි.කොහොමද නිවාඩුව.හරි හරි නිවාඩු පස්සෙ බෑරියේ.  ඉතින් මම ඕකට ගිය දොස්තර කෙනෙක් වෙන්නෙ නෙවේයි ඔන්න.මම ගියේ කාර්මික ඉස්කොලේ කට.වෑල්ඩින් වෑඩ,ලියවන පට්ටල් වෑඩ,වයරින් වෑඩ,වාහන වෑඩ ඔය වගෙ වෑඩ ගොඩයි. මොනවා කරන්නද අපි මොකෝ ලංකාවේදි හැම දාම ඉස්කොලේ ගිය එකක් යෑ.අනික මට පස් වරක් වත් බෑරි කොට මොන දොස්තරද.ඉතින් මම පටන් ගන්නම් ඉස්කොලේ මුල්ම දවසේ ඉදන්.
ඔන්න ඉතින් මම උදේ පන්දර 6ට නෑගිටලා මුන එහෙම හොදගෙන ලෑහෑස්ති වෙලා 7.30 වෙනකොට ගියා ඉස්කොලේට.ඉතින් ඉස්කොලේ පටන් ගන්නේ 7.45ට.තව වේලාත් තියනවා.ඉස්සරහා බන්කු ටිකක් දාල තිබුනා.ඉතින් මමත් ගිහින් වාඩි උනා ඔය එකකින්.බෑලුව වට පිට මොන අපේ රටේ යකෙක් පේන්නවත් නෑ.මගෙ ඈස් 2ක නෑවතුනා එක තෑනක. අම්මට හුඩු ඉන්නවා එකෙක් කලුවට කලුවේ දිලිසි දිලිසි(අපේ පාට).ගිය ලගට කිට්ටු කරලා දන්න වචන 2ක 3න අමුනලා දෑම්ම ටොකක්.මෙන්න ඌ ඊටපස්සෙ මගෙ මුන දිහ බලන් ඉදපි.අප්පට හුඩු මට වෑරඩුන වත් ද.ගියා පත්තකට.ගත්තා බෑග් එකේ තිබ්බ පොත. පෙරලලා බෑලුවා.දුන්නු ටොකත් හරි.මොකො උනේ.ගිහින් වාඩි උනා කලින් වාඩි උන තෑනම.ඔන්න මට ඈහුනා ටාන් ටාන් ගාලා මොකක් වදිනවා.ටික වෙලාවකින් කට්ටිය ඔක්කොම යනවා දොරක් ගවට.මමත් නගිට්ට උන්නු තෑනින්.ගිය බලන්න මොකක් ද වෙන්නෙ කියලා බලන්න.කට්ටිය පොර කාකා ඉස්සරහ තිබුනු දොරින් ඈතුල් වෙනවා.මමත් ඉතින් ගිය මොඩ කමට ඔය කට්ටියටම එකතු වේලා ඔය දොරින් ඈතුලු උනා වෙන දෙයක් වෙන්න කියලා.ඈතුලෙ පුටු වගයක් ලස්සනට තියලා ඒ වගෙ ඈතුලු වෙන කට්ටිය වාඩි වෙනවා.මමත් ඉතින් ගඩ්ස් දාල ගිහින් 2වෙනි පෙලේ පුටුවක වාඩි උනා.ඊට පස්සෙ තමා මම දෑන ගත්තේ රෑස්වීමක් කියලා.මමත් ඉතින් දන්න එකා වගේ කියන එවා අහගෙන හිටිය.හෑබයි සිහි බුද්දියෙන්.අනික් කට්ටිය හිනා වෙනකොට මමත් හිනා උනා.අත්පුඩි ගහන කොට මුලු වෙරියම දාල උපරිම හයියෙන් ගෑහුවා.නෑත්නම් හිතයි මම අන්ද  ගොලු බිරි මඩමෙන් ඈවිත් කියලා.කාර්ඩ් එක බේර ගන්නත් එපෑයි.ඉතින් ඔය රෑස්වීම දවල් 1 වෙනකම් තිබුනා.පෑයක් රෑස්වීම විනාඩි 15ක් විවේකය..කිව්ව දේවල් නම් මම අදටත් දන්නෙ නෑහෑ.බෑග් ඒකේ තිබ්බ ඒව ටික කාලා මම 1.30 වෙන කොට ගෙදරත් ඈවිත් දවල් වේලත් වෑලදුවා.ඉතින් ඔහොම තමයි පලවෙනි දවස ගෙව්නේ.දෙවනි පොස්ට් එකෙන් අනිත් විස්තර ටික කියන්නම්.එතකන් ඔයාලට බුදු සරණයි!
මේ මගේ  පලවෙනි පොස්ට් එක යාලුවනේ,වෑරදි ගොඩක් ඈති.පුලුවන් නම් සාමාව දෙන්න.