Saturday, December 31, 2011

දමිත් අසංකගේ අලුත් සීඩී එක.''සුදු පුතේ''

කොහොමද යාළුවනේ,කට්ටියටම සතුට සාමය ආදරය පිරි අලුත් අවුරුද්දක් වේවා!

අද ඔන්න අලුත් අවුරුද්දට අලුත් වෑඩක් කරන්න හිතුවා.අදනම් වෙනත් දෙයක් ඔයාලට දෙන්න හදන්නේ.මේක හෑබෑයි 2011 වෑඩක්.මේක තමයි දමිත් අසංකගේ අලුත් සීඩී එක.මමත් මේක කොපි කරගත්ත එකක්.අහලා බලන්නකෝ...

                                                මෙන්න මෙතනින් බාගන්න

මම මේක බාගත්තේ SL-Unlimited ගෙනි

Sunday, November 27, 2011

දන්න සිංහලෙන් GPS මාර්ග සිතියම් උප කරණය හෙවත් "GPS NAVIGATOR"

ඔන්න අදත් මම ආවා දන්න සිංහලෙන් මම දත් දේ ඔයාලට කියලා දෙන්න.අපි කලින් පොස්ට් එකෙන් කතා කලේ අධි වේගී මාර්ගය ගෑනනේ.ඒ පොස්ට් එක බෑලුවේ නෑත්නම් මෙතනින් ගිහින් බලන්න.
 

ඔන්න මම අද ඔයලාට මම කියලා දෙන්නම් GPS මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් උපකරණය ගෑන.මේ පොස්ට් එක දාන්න හිතුවේ මලිත් කිව්වනේ මේ උපකරනය ගෑන පෑහෑදිලි කරන්න කියලා.මම වෙන දෙයක් මේ සෑරේ ඔයාලට දෙන්න හිටියේ,කොහේද මේ වෑඩ අස්සේ වේලාවක් නෑති වුනානේ.අපි ඉතින් සතියේ දවස් 5ක් වෑඩ කරන දුප්පත් කම්කරුවොනේ.හම්බවෙන සොච්චම් පඩියෙන් එදාවේල පිරිමහ ගන්න.මේ දවස් වල ටිකක් දුරකට වෑටුනා වෑඩ.අපි ඉතින් දෑන් හදන්නේ කොච්චිනේ.වාහන වලින් අයින් වුනා.දන්නවනේ ඉතාලියත් දෑන් රෑකියා අර්බුදයට මුහුන පාලා කියලා ඉන්නේ.මටත් ඉතින් අහුවුන රස්සාවට බෑස්සා.පෙරෙලෙන පිට හොදයි කියලා.වෑඩේ වරදකුත් නෑ.පොඩ් පුරස්නයකට තියෙන්නේ වෑඩ කරන්නේ සීයලා,තාත්තලාගේ වයසේ අයත් එක්කනේ.මට තාම වයස 19යිනේ.පොඩි කොලුවා.නේ.අපි අපේ මාර්තුකාවට බහිමු අනේ.

නේවිගේටර් එක කියන්නේ එක්තරා ජිපීඑස් මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් ක්‍රමයක්.එක රියදුරන්ට වගේම සංචාරකයන්ටත් තමා ඉන්න තෑන හදුනා ගෑනීමට වගේම තාමාට යායුතු ඉස්තානයට ලගම පාරකින් ලගාවීමටත් මේ උපකරණය උදව් කරනවා.මේක සමහර ජංගම දුරකථන වලත් තියෙනවා මමනම් දෑකලා තියෙනවා.සමහරු මේකට ටොම් ටොම් කියලත් කියනවා,මතක තියා ගන්න ටොම් ටොම් කිව්වට ඕක එක වර්ගයක් විතරයි.ඔයාලට පහසුවෙන්න මම ඕකේ තියෙන වටිනා කම් පහලින් දාන්නම්.වාහනයක ගමන් ගන්නා විට.ඔය උප කරණය වර්ග තියෙනවා.සමහරක් ඒවා තියෙනවා වටේ අරන් යන ඒවත්.
 

1.තාමා ගමන් ගන්නා මර්ගයේ නම දෑන ගෑනීම
2.ගමන් ගන්නා මාර්ගයේ වාහනය පෑදවිය යුතු උපරිම වේගය දෑන ගෑනීම.
3.වාහනය ගමන් ගන්නා මාර්ගයේ පෑදවිය යුතු පෑත්ත දෑන ගෑනීම.වන්වේද කියලා
4.තමාට යායුතු ස්ථානය වෙත ලගම මාර්ගය දෑන ගෑනීම
5.වේගය පරික්ෂා කරන  උපකරන දුරතියා දෑන ගෑනීමට හෑකිවීම.
6.තව තාමා ගමන් ගන්නා වේගය අනුව යායුතු ස්ථානයට ලාගාවීමට ගතවන කාලය දිස්වේ
7.ඉදිරියෙන් ඈති වංගු සහ වට රවුම් දුර තියා දෑන ගෑනීමට හෑකිවීම
 

තවත් බොහෝ දෑ තියෙනවා ඔය උපකරනයේ. මම ඔය කිව්ව ඒවා සියලුම මාර්ග සිතියම් උපකරණ වල තියෙන පහසුකම්.තව තියෙනවා.ඒවා එකිනෙකට වෙනස්.ඔය ඈතිනේද එක ගෑන කියෙව්වා.අපි කථා කරමු අපේ අනෙක් මාර්තුකාව ගෑන.

මම හිතුවා ඔන්න ඔයලාට දෙන්න වීඩියෝවක්.මොකක්ද දන්නවද මේ.මම කලින් පොස්ට් එකේ කිව්වා මතකද ඉතාලියේ වාහනයක තත්ව පරීක්ෂණය නිකුත් කරන විදිහ කියන්නම් කියලා.ඔයා වීඩීයෝව බාගෙනම බලන්නකෝ.පුලුවන් විදිහට තේරුම් ගන්න බලන්න.මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් ඔයලට දන්න සිංහලෙන්.අදට මේ ඈති මම ගිහින් එන්නම්.ඔයාලට දළදා සමිදු පිහිටයි!



                            වීඩීයෝ එක බාගන්න මෙතන ඔබන්න

Saturday, November 19, 2011

අධි වේගිය ගෑන මට හිතුන දේ....

කොහොමද යාළුවනේ,මම ඔන්න දෙවෙනි පාරටත් මගේ බ්ලොග් එකේ පොස්ට් දාන්න හිතුවා.මේ පාර නම් ලියනවා ඈට්ටි හෑලෙන්න.දන්නවනේ මම කලින් පොස්ට් දෑම්මේ වාහනයක කාර්මික දේවල් ගෑන නේ.තව මගේ ඉතාලියේ පාසල් ජීවිතය ගෑනත් කොටස් දෙකක් ලිව්වනේ.තවත් දේවල් ගෑනත් ලියන්න තමයි අදහස.


දෑන් අපේ රටේ අධිවේගී මාර්ගයත් මේ 27 මට මතක විදිහට ඕපන් වෙනවනේ.අලුත් පාරකින් අපට අඩු වේලාවකින් අගනුවර ඉදන් මාතරට යන්න පුළුවන්නේ.කාටද ආඩම්බර.පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ යතුරු පෑදි තහනම් වුන එක.ඕක මෙහෙම වුණා නම් හරි.එන්ජින්  සිලින්ඩර ධාරිතාව 149න් පහළ යතුරු පෑදි විතරක් තහනම් වුනා නම් මම හිතන්නේ නිවෑරදියි.අපේ රටේ තාම උපරිම සිලින්ඩර ධාරිතාව 250 විතරයි නේ.මම කියන්නේ හොරාට ලියාපදිංචි කර ඒවා නෑතිව.250 නෙවෙයි 1100ත් දෑන් ඔය අපේ කට්ටිය පදින්නේ.තව දෙයක් තමයි ඔය 18,19,64 වගේ පරණ කාර් වලට අලුත් අංක දීලා  අධිවේගී මාර්ගයට එකතු කිරීම.ඒක කරන්න ඕන.හෑබෑයි ඔහොම නෙවෙයි.රු20000 අරන් අංක තහඩුව දෙන්න කලින් වාහනය නිසි ප්‍රමිතියක තියෙද කියලා අනුමෑතිය ලත් කාර්මිකයෙක් ගෙන්  සහතිකයක් අරගෙන ඒ සහතිකය ප්‍රමිතියක තියෙනම් විතරක් අංක තහඩුව නිකුත් කරන්න ඕන .හිතන්න කිසි ප්‍රමිතියක් නෑති වාහනයක් අධික වේගයකින් ධාවනය කරන කොට කාර්මික දෝශයක් ඈති වුනොත් වෙන අනතුර කොච්චර දරුණුද කියලා.අනික ඔය පරණ වාහන වල හදිසි අණතුරකදි කිසිම ආරක්ෂා උපකරන නෑහෑනේ.අනික ඔය පරණ අංක තහඩු වාහන පාවිච්චි කරන්නේ දුප්පත් අපි වගේ මිනිස්සුනේ.ඉතින් ඔය අංක තහඩුව රු10000වගේ සුලු මුදලකට දුන්නා නම් මොකද.මම ඔයාලට පෙන්නන්නම් ඉතාලියේ වාහන ප්‍රමිති සහතිකය නිකුත් කරන්න කලින් ඒ වාහන පාරික්ෂා කරන ආකාරය වීඩියෝවකින් ඉස්සරහදි.මෙහේ නම් ඉතින් උපරිම වේගය පෑ.කි130.ඕක ඉතින් සමහරු 140,150 වගේත් ධාවනය කරනවා.මෙහේ ගොඩක් රියදුරන් අර කඩ්ඩෙන් නෙවිගේටර් කියන්නේ අන්න ඒ උප කරණය බාවිතා කරනවා.ඒකේ වෑටෙනවා නොවෑ ඔයා පොලිස් මාමලා ගාව තියෙන අර මීටරය මීටර 100 දුරදි.ඉතින් කට්ටිය ඊට පස්සේ 130ට නේ යන්නේ.හෑබෑයි තවත් දෙයක් තියෙනවා අධිවේගී මාර්ගයට ඈතුලු වුන වෙලාවයි පිටවුන වෙලාවයි බලලා ගෙදරට දඩ මුදල එවන සිරිතකුත් මේ රටේ තියෙනවා.කොහොමද වෑඩේ නේ.මටනම් ඔය වගේ වෙලා නෑ තාම.මම හොද විනීත රියදුරෙක්නේ.මටත් ඉතින් එකක් දෙකක් දඩ හම්බවුනා.ඒ හෑබෑයි ඒ වාහනය තහනම් කාලාප වල නවත්තලා.ඔය ඈති නේ කිව්වා මම පම්පෝරිය.එහෙනම් අපි ආයෙත් හම්බවෙමු.ඔයාලට දළදා සමිදු පිහිටයි!

Saturday, July 2, 2011

මම ඉතාලියේ ඉස්කොලේ ගිය හෑටි 2

ඔන්න ඉතින් අදත්  වතුර බෝතලයක් එහෙම ලගින් තියාගෙන මම සෙට් උනා ලෑපට. අලුත් පොස්ට් එකක් දාන්න.සෙට් උනාට මොකෝ දාන්න පොස්ට් එකක් කල්පනාවට එන්නෙත් නෑහෑ නොවෑ.ම්ම්ම් මොකක්ද දාන්නේ.එකක් නම් හිතට එනවා එකක්,ඒත් ඒක එහෙම හිතු මනාපෙට දාන්න බෑහෑ නොවෑ.ටිකක් හරි වෑරදුනොත් ඔක්කම ඉවරයි.ඔයාලා වෑරදි පාරේ.අනික මේ දවස් වල හිතත් එක තෑනක නෑහෑ.අනිවා වරදිනවා.බොරු කියන්නේ මොකටද,මේ දවස් වල පොඩ්ඩක් ලංකාවේ.මමත් මීට මාස 8කට විතර කලින් පෙම්වතෙක් නේ.ඔන්න ඕකයි කාරනාව.දෑනුත් පෙම්වතෙක් තමයි.ඒත් ඉතින් පළවෙනි එක නෙවෙයි නේ.කිව්වට මෙව්වා මෙහෙම කියන්න හොදද මන්දා.කමක් නෑහෑ මොනවා හන් ගන්නද.අපි යාළුවෝ නේ.කොහොම හරි මේක නම් ඕනවට එපාවට තමයි කරන්නේ.හිටියොත් හිටියා,නෑත් නම් ගියා.ඉතින් මම කිව්වේ නෑහෑ නේ විස්තරේ,මම ලගදි මගේ පරන යාළුවෙක්ට කථා කරා,කෝල් එකක් හොදේ.ඉතින් එයා මට කිව්වා පොඩි කේලමක්.මගෙ පළමු හාදුව වෙන කෙනෙක්ට බහ දීලා කියලා,ඉතින් ඕක ඈහුව වෙලේ ඉදන් මගේ හිත ලංකාවේ.මොනදේ වුනත් මගේ ප්‍රථම ආදරේනේ.ඈත්තටම මම තාමත් එයාට ආදරෙයි ඒක සහතිකයි,නෑත්නම් මොන මගුලටද මෙහෙම අඩන්නේ.අනික හාහා පුරා කියලා පටන් ගත්ත ලවනේ.මං හිතන්නේ අපි යාළුවෙලා අවුරුදු දෙකහාමාරක් ඔය කිව්ව පලහිලව්ව තිබ්බා නොවෑ.අනේ ඉතින් ඕව්වා වෑඩෑක්යෑ.මම අද කියන්නම් කෝ මම ඉතාලියේ ඉස්කෝලේ ගිය දෙවෙනි දවස ගෑන.




ඉතින් ඔන්න මම උන්දෑ දෙවනි දවසෙ උදේ පාන්දර නෑගිටලා දත කට මෑදල ඉස්කොලේ යන්න පිටත් වුනා උදේ 7.30ට,ටිකක් පරක්කු වෙලා.ඉතින් මම එද වගේ නෙවෙයි.කොපි පොතක ඕන කරන වචන ටිකක් ලියාගෙන තමයි ගියේ.හෑම දාම බෑරිවෙන්න බෑ නේ.ඉතින් එදා නම් ඉස්කොලෙට යන කොට වෙලාව හරියටම 7.45 මගේ කෑසියෝ ඔරලෝසු කට්ටේ.ඉතින් ගිය ගමන් වෑදුනා බෙල් ඒක.ඉතින් කවුරුත් සද්ද නෑ.සද්ද නෑ කිව්වේ කට්ටියගේ වෙනසක් නෑ,ඔක්කොම කට්ටි ගෑහිලා කයිය.මම ඉතින් සුපුරුදු පරිදි ගිහින් වාඩි වුනා මගේ බන්කුවෙන්.බෑලුවා වට පිට අදුරන එකෙක් වත් ඉන්න වද කියලා ගිය ආත්මේවත්.මොන මුන් එකෙක් වත් ආත්ම 7කදි වත් හම්බ වෙලා නෑහෑ නොවෑ,මගෙ ඈස් දෙක අදත් නෑවතුනා එක තෑනක.අම්මට හුඩු,ලස්සන කෙලි පොඩ්ඩ්ක් ඉන්නවා,මගෙ හිත පිනාගියා මොනවෑයින්ද.බලාගෙන හිටියා ටික වෙලාවක් ඒ මූන දිහා.මගේ පෑත්තට ඔන්න බොලේ කෙලි පොඩ්ඩ බෑලුවා,මොනවා කරන්නද මේ කරුම ඈහෑට ආපහු ආවා නොවෑ පරණ ලෙඩේ.ඔන්න ඉතින් එක ඈහෑක් වහලා ගෑහුවා ඈහෑක්.අපරාදේ කියන්න බෑහෑ කෙලි පොඩ්ඩ මාත් එක්ක ලස්සන හිනාවක් දෑම්මා,මමත් ඉතින් සෙවල පෙරාගෙන දෑම් මා හිනාව.ඊට පස්සේ තමයි හරි වඩේ වුනේ.මෙන්න මේ කෙලි පොඩ්ඩ මගේ පෑත්තට ගම නා ගමනයේ යෙදෙනවා.අප්පට හුඩු.කිලි අප්පට බල්ලෝ පෑනපි කිව්වලු.දෑන් මොනවා කරන්නද.ගුටි කන්න වයිද,බෑනුම් අහන්න වෙයිද නෑත්නම් මොනවා හරි අහන්න එනවද.බෑන්නත් මොකෝ මට තේරෙන එකක් කියලෑයි.බෑන්නත් හිනාවෙනවා මිසක්.මොනවා හරි ඈහුවොත් තමයි පුරස්නේ වෙන්නේ,දන්නේ ඉතින් ඉතාලියෙන් හූ කියන්නයි විසිල් එකක් ගහන්නයි විතරයි නේ.ඉතින් මගේ එවලේ ඈගේ ලේ ගමනා ගමනය වෑඩි වුනා.දෑන් ඔන්න කෙලි පොඩ්ඩ මගේ ගාවට ලගයි.හිත හදා ගෙනම හිටියා වෙන දෙයක් වුන දෙන් කියලා.මෙන්න බොලේ මේ කෙලි පොඩ්ඩ මාව පස් කරගෙන ඉස්සරහට ගියපි.ඊට පස්සේ තමයි ඈගේ ලේ සාමාන්‍ය අතට ගමන් ගන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය අතරේ රෑස්වීමට බෙල් එක ගෑහුවේ.වෙනදා වගේම මමත් රින්ගුවා රෑස්වීම් ශාලාවට.මගේ සුපුරුදු පුටුව අදත් මට තියෙනවා.මම ඉතින් මගෙ පුටුවේ සෑපට වාඩි වුනා,බෑලුවා වට පිට,මගෙ එහා පෑත්තේ පුටුවේ සුදු කොල්ලෙක් ඉන්නවා. විනාඩි කිහිපයකට පස්සේ පටන් ගත්තා ඔන්න රෑස්වීම.ඒදා වගෙම අදත් පප්පෙක් කියවනවා මොනවද.ඔහොම කියවලා කියවලා ටී ටයිම් කියලා නෑවත්තුවා රෑස්වීම,මගේ ඈස් දෙක ගියා සුපුරුදු මූනක් ලගට,මේ ඉන්නේ රෑස්වීම් ශාලාවේ මගෙ එහා පෑත්තෙන් හිටිය කොලුවා නේද.මම ඉතින් අර වචන ටික ලියාගෙන ආපු පොත අර ගෙන ලගට ගිහින් දෑම්මා ඌට ටෝකක් දන්න එකා වගේ. කොහොම හරි මම ඌත් එක්ක කථා කරා.විස්තර ටිකත් දෑන ගත්තා,ඌත් මම වගේම පිට රටක එකෙක්.වෙනසකට තියෙන්නේ ඌ මට කලින් මෙහේ ඈවිත් තියන්නේ.ඉතින් කොහොම හරි ආපහු රෑස්වීම පටන් ගත්තා.ඔන්න ඉතින් ආපහු අර පප්පා කියවනවා,කෝකටත් කියලා මම හොද අවදානයෙන් හිටියේ.කොහොම හරි ටික වෙලාවකට පස්සේ පළවෙනි පන්තිය ඒ කියලා පටන් ගත්තා පන්තිවලට කඩන්න.ඒ ටික යාන්තම් තේරුම් ඉතාලියෙන් එකේ ඉදන් දහයට ගනන් කරන්න පුලුවන් නිසා.ඉතින් ඔන්න බොලේ මගේ නම වරද්දල පප්පා කියපි ගල්මන්ගොද ගුරුජේ අයුචාන් නුවන්ත කියලා.නුවන්ත කිව්වෙත් අමුතු විදියට.කොහොම හරි මම මුල් පන්තියටම වෑටුනාඉතින් මමත් අනිත් යක්කු ටික එක්කම එලියට ගියා.මෙන්න ඉන්නව දිලිසි දිලිසි අපෙ සර්,දිලිසුනේ තට්ටේ හොදේ.අපෙ සර්ගෙ වට කෙස් මෑද හිස්.ඉතින් ඊට පස්සෙ කතාව අනිත් පොස්ට් එකෙන් කියන්නම්,දෑන් රෑ 11යි වෙලාව.බලන කට්ටිය කොම්මෙන්ට් එකක් දාන්න හොදේ..ඔයාලට බුදු සරණයි!

Thursday, June 30, 2011

දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ දෙවන කොටස(HyBrid Car Part 2)

ඔන්න මම අදත් මගේ යාළුවන්ට හයිබ්‍රරියිඩ් කාර් එක ගෑන විඩියෝවකින් පෙන්නනවා.මොකද මගේ පලවෙනි පොස්ට් එක ගොඩාක් හොදයි කියලා කට්ටිය කිව්වා. පොඩි ප්‍රශ්ණයකට උනේ මේ වීඩියෝව ඉතාලි භාෂවෙන් වුනු එක.මම ඒක ටිකක් දේවල් සිංහලෙන් වීඩියෝ එකේ යටින් දෑම්මා.ඒක දාන්න මම පුදුම කට්ටක් කෑවේ.මේ වීඩියෝ එක ටෝයෝටා සමාගමේ මෝටර් රථයක වීඩියෝවක්.ඕකේ අන්තිමට පෙන්නන සිකියුරිටි එකයි,ඉලෙක්ට්‍රොනික් පද්ධතියයි එකිනෙක හයිබ්‍රරියිඩ් කාර්වලට වෙනස්.කට්ටිය බලන්නකෝ,කොමන්ට් එකකුත් දාන්න මතක ඈතිව.ඊලග පොස්ට් එකෙන් මම ඔය කාර් එකේ ඈතුල් පෑත්ත ගෑන කියන්නම් කෝ.

Wednesday, June 29, 2011

මගේ ස්තුතිය ඔබටයි!

ආයුබෝවන් යාලුවනේ,
මගේ මුල් පොස්ට් දෙකට කොමන්ට් කර අයටයි මගේ බ්ලොග් එක Follow කල කට්ටියටයි ගොඩක් ස්තුතියි,මමත් බ්ලොග් කෙරුවාවට අලුත්නේ.ඈත්තටම මේ බ්ලොග් කෙරුවාවට මාව ඈදලා ගත්තේ අපේ මලිත් කොලුවා.මට මේ බ්ලොග් එක මුලින්ම හදලා දුන්නෙත් මලිත් කොලුවාම තමයි.මුලින්ම මලිත් කොලුට ස්තුතිය පුද කරනවා.මම බ්ලොග් කියෙව්වට බ්ලොග් එකක් ලියන්න වෙලාවක් තිබ්බේ නෑහෑ.දෑන් ඉතින් කොහොම හරි නිවාඩුවක් හම්බවුනා.ඒත් කොයි වෙලේ අලුත් රස්සාවට කතා කරයි ද දන්නෙ නෑහෑ.කතා කලාම යනවා.එතකන් ගෙදරනේ.ඉතින් මම ලියනවා.වෑඩකට ගියත් මම අනිවා ඉරිදට නම් අලුත් පොස්ට් එකක් දානවා.මම මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ කාගෙන් වත් කොපි කරලා පොස්ට් දාන්න නම් නෙවේයි.මම අවුරුදු තුනක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දෙයින් ඔයාලා නොදත් යමක් කියලා දෙන්න එ වගේම මගේ ඡීවිතේ මම අත් වින්ද ඈත්ත කතා ටිකක් දානවා. පොඩි සතුටකුත් ඕන නේ.මගේ එකම සතුට තමා ඉතින් ඔයලා දෙයක් මම හරහා ඉගෙන ගන්න එක.මම මේ බ්ලොග් එකෙන් ඔයලට දෙන්න යන්නෙ වාහන ගෑන දෑනිමක්.ඔයලට අහන්න දෙයක් තියනවනම් කොමන්ට් එකක් හරහා අහන්න.අනික් දෙ තමයි පොස්ට් වල සමහර තෑන් කඩ්ඩෙන් මට දාන්න සිද්ද වෙනවා.මොකද සමහර කොටස් වලට සින්හලෙන් නම් දන්නෙ නෑති වීම.පුලුවන් තරම් තේරුම් ගන්න පුලුවන් විදිහට මම පොස්ට් දන්නම්.මගේ වෑරදි ගොඩක් ඈති.අනේ යාලුවනේ සාමාවෙලා ඒවා නිවෑරදි කරන් ඊ ලග පොස්ට් ඒක දාන්න මට උදව් වෙන්න.අමතක කරන්න එපා පොස්ට් එක බෑලුවනම් කොමෙන්ට් එකක් දාන්න,මොකද එතකොටනේ මම දන්නෙ ඔයාලා පොස්ට් එක බෑලුවා කියලා,අකමෑත්තක් නෑත්නම් විතරක් Follow එකක් දාන්න.ඉතින් මම අදට නවතිමි.ඔයාලා හෑම දෙනාටම බුදු සරණයි!

Monday, June 27, 2011

දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ(HyBrid Car)


මෙම මෝටර් රථ එන්ජීන් 2කින් සමන්විතයි.ඒ කියන්නේ විද්‍යුත් එන්ජීමක් සහ සාමාන්‍ය එන්ජීමක්.ඔය මෝටර් රථයේ විශේෂත් වය වන්නේ පෙට්‍රල් දහනය අවම විම,බෑටරිය බෑස නොයෑම,ඉබේ එන්ජීන් දෙක ක්‍රියාත්මක වීමයි.

ක්‍රියාකාරිත්වය
 

මෙම මෝටර් රථය පණ ගෑන්වෙන්නේ  විද්‍යුත් එන්ජීමේනි,ඉන් පසුව අඩු වේගයකින් ධාවනයේදි මෝටර් රථය ධාවනය වන්නේද විද්‍යුත්එන්ජීමේනි.එවිට මෝටර් රථය ශබ්දයක් නෑගෙන්නේ නෑත.සාමන්‍ය ධාවනයකදි ඉන්ධන එන්ජීම ක්‍රියත්මකවේ.එවිට ඉබේ බෑටරිය නෑවත ආරෝපනයවේ.වේගය උපරිම වු අවස්තාවෙදි පමනක් මෙම එන්ජීන් 2කම එක වර ක්‍රියත්මක වේ.මෝටර් රථය ධාවනය නෑවත් වු විට පණ ගෑන්වි ඈත්තේ විද්‍යුත්එන්ජීමේනි.මෙම කුමන එන්ජීම කින් මෝටර් රථය ධාවනය වුවත් ඉදිරිපස රෝද දෙකම ක්‍රියත්මක වේ.

කාර්මික දෝශයකදි පරික්ශා කල යුතු දෑ

  • පලමු කාර්යක්ෂමතා සිතියම(The first maps of the motor efficiency)
  • බෑටරිය ආරෝපනයවි ඈත්දෑයි බෑලිම
  • ON/OFF ස්විච්චිය පරික්ශා කිරිම වෑනි දෑ කල යුතුවේ.


වෑදගත් කරුනු
 

  • සාමාන්‍ය මෝටර් රථයක මෙන් වතුර ඔයිල් පරික්ෂා කල යුතුවේ.



Sunday, June 26, 2011

මම ඉතාලියේ ඉස්කොලේ ගිය හෑටි

මම මගේ නම පොඩි උන තෑන ඉදලා පටන් ගන්නම් කෝ....
මගේ සම්පුර්ණ නම තමයි ගල්මන්ගොඩ ගුරුගේ උෂාන් නුවන්ත.ඕක පොඩි කරලා තමා නුවන්ත ගුරුගේ උනේ.මම ලංකාවේ තමා සම්පුර්ණ නම පාවිච්චි කලේ.ඕක ඉතින් පිට රටකට ආවහම වෙනස් කොරන්න උනා.මොනවා කරන්නද.ස්ටය්ල් එකට නම් නෙවෙයි ඕන්.නම වෙනස් කලේ ඈයිද කියලත් කියන්නම්. මම ඉතින් මෙහෙ ඈවිල්ලත් නිකන් හිටියේ නෑ ඔන්න කිව්වා(ඉන්න දුන්නෙ නෑ).අපේ අප්පොච්චි මෙලෝ හසරක් නොඩන්න  මාව දැම්මේ නෑතේ ඉස්කොලේ කට.කිරි අප්පට බල්ලො පෑනපි කිව්වලු.හරියටම මම මේ ඉතාලියට ඈවිත් මස 2.මට එතකොට වයස  16ක් විතර.ඒ කියන්නෙ මම ඕලෙවල් ලියන වර්ශයේ.2008.ඉතින් ඔය ඉස්කොලේ සෑප්තැම්බර් 28 පටන් ගත්ත නොවෑ.මෙහෙ ඉස්කොල අලුත් අවුරුද්දක් පටන් ගන්නෙ සෑප්තැම්බර් නොවෑ.නිවාඩු දෙන්නේ ජුනි.කොහොමද නිවාඩුව.හරි හරි නිවාඩු පස්සෙ බෑරියේ.  ඉතින් මම ඕකට ගිය දොස්තර කෙනෙක් වෙන්නෙ නෙවේයි ඔන්න.මම ගියේ කාර්මික ඉස්කොලේ කට.වෑල්ඩින් වෑඩ,ලියවන පට්ටල් වෑඩ,වයරින් වෑඩ,වාහන වෑඩ ඔය වගෙ වෑඩ ගොඩයි. මොනවා කරන්නද අපි මොකෝ ලංකාවේදි හැම දාම ඉස්කොලේ ගිය එකක් යෑ.අනික මට පස් වරක් වත් බෑරි කොට මොන දොස්තරද.ඉතින් මම පටන් ගන්නම් ඉස්කොලේ මුල්ම දවසේ ඉදන්.
ඔන්න ඉතින් මම උදේ පන්දර 6ට නෑගිටලා මුන එහෙම හොදගෙන ලෑහෑස්ති වෙලා 7.30 වෙනකොට ගියා ඉස්කොලේට.ඉතින් ඉස්කොලේ පටන් ගන්නේ 7.45ට.තව වේලාත් තියනවා.ඉස්සරහා බන්කු ටිකක් දාල තිබුනා.ඉතින් මමත් ගිහින් වාඩි උනා ඔය එකකින්.බෑලුව වට පිට මොන අපේ රටේ යකෙක් පේන්නවත් නෑ.මගෙ ඈස් 2ක නෑවතුනා එක තෑනක. අම්මට හුඩු ඉන්නවා එකෙක් කලුවට කලුවේ දිලිසි දිලිසි(අපේ පාට).ගිය ලගට කිට්ටු කරලා දන්න වචන 2ක 3න අමුනලා දෑම්ම ටොකක්.මෙන්න ඌ ඊටපස්සෙ මගෙ මුන දිහ බලන් ඉදපි.අප්පට හුඩු මට වෑරඩුන වත් ද.ගියා පත්තකට.ගත්තා බෑග් එකේ තිබ්බ පොත. පෙරලලා බෑලුවා.දුන්නු ටොකත් හරි.මොකො උනේ.ගිහින් වාඩි උනා කලින් වාඩි උන තෑනම.ඔන්න මට ඈහුනා ටාන් ටාන් ගාලා මොකක් වදිනවා.ටික වෙලාවකින් කට්ටිය ඔක්කොම යනවා දොරක් ගවට.මමත් නගිට්ට උන්නු තෑනින්.ගිය බලන්න මොකක් ද වෙන්නෙ කියලා බලන්න.කට්ටිය පොර කාකා ඉස්සරහ තිබුනු දොරින් ඈතුල් වෙනවා.මමත් ඉතින් ගිය මොඩ කමට ඔය කට්ටියටම එකතු වේලා ඔය දොරින් ඈතුලු උනා වෙන දෙයක් වෙන්න කියලා.ඈතුලෙ පුටු වගයක් ලස්සනට තියලා ඒ වගෙ ඈතුලු වෙන කට්ටිය වාඩි වෙනවා.මමත් ඉතින් ගඩ්ස් දාල ගිහින් 2වෙනි පෙලේ පුටුවක වාඩි උනා.ඊට පස්සෙ තමා මම දෑන ගත්තේ රෑස්වීමක් කියලා.මමත් ඉතින් දන්න එකා වගේ කියන එවා අහගෙන හිටිය.හෑබයි සිහි බුද්දියෙන්.අනික් කට්ටිය හිනා වෙනකොට මමත් හිනා උනා.අත්පුඩි ගහන කොට මුලු වෙරියම දාල උපරිම හයියෙන් ගෑහුවා.නෑත්නම් හිතයි මම අන්ද  ගොලු බිරි මඩමෙන් ඈවිත් කියලා.කාර්ඩ් එක බේර ගන්නත් එපෑයි.ඉතින් ඔය රෑස්වීම දවල් 1 වෙනකම් තිබුනා.පෑයක් රෑස්වීම විනාඩි 15ක් විවේකය..කිව්ව දේවල් නම් මම අදටත් දන්නෙ නෑහෑ.බෑග් ඒකේ තිබ්බ ඒව ටික කාලා මම 1.30 වෙන කොට ගෙදරත් ඈවිත් දවල් වේලත් වෑලදුවා.ඉතින් ඔහොම තමයි පලවෙනි දවස ගෙව්නේ.දෙවනි පොස්ට් එකෙන් අනිත් විස්තර ටික කියන්නම්.එතකන් ඔයාලට බුදු සරණයි!
මේ මගේ  පලවෙනි පොස්ට් එක යාලුවනේ,වෑරදි ගොඩක් ඈති.පුලුවන් නම් සාමාව දෙන්න.