Sunday, November 27, 2011

දන්න සිංහලෙන් GPS මාර්ග සිතියම් උප කරණය හෙවත් "GPS NAVIGATOR"

ඔන්න අදත් මම ආවා දන්න සිංහලෙන් මම දත් දේ ඔයාලට කියලා දෙන්න.අපි කලින් පොස්ට් එකෙන් කතා කලේ අධි වේගී මාර්ගය ගෑනනේ.ඒ පොස්ට් එක බෑලුවේ නෑත්නම් මෙතනින් ගිහින් බලන්න.
 

ඔන්න මම අද ඔයලාට මම කියලා දෙන්නම් GPS මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් උපකරණය ගෑන.මේ පොස්ට් එක දාන්න හිතුවේ මලිත් කිව්වනේ මේ උපකරනය ගෑන පෑහෑදිලි කරන්න කියලා.මම වෙන දෙයක් මේ සෑරේ ඔයාලට දෙන්න හිටියේ,කොහේද මේ වෑඩ අස්සේ වේලාවක් නෑති වුනානේ.අපි ඉතින් සතියේ දවස් 5ක් වෑඩ කරන දුප්පත් කම්කරුවොනේ.හම්බවෙන සොච්චම් පඩියෙන් එදාවේල පිරිමහ ගන්න.මේ දවස් වල ටිකක් දුරකට වෑටුනා වෑඩ.අපි ඉතින් දෑන් හදන්නේ කොච්චිනේ.වාහන වලින් අයින් වුනා.දන්නවනේ ඉතාලියත් දෑන් රෑකියා අර්බුදයට මුහුන පාලා කියලා ඉන්නේ.මටත් ඉතින් අහුවුන රස්සාවට බෑස්සා.පෙරෙලෙන පිට හොදයි කියලා.වෑඩේ වරදකුත් නෑ.පොඩ් පුරස්නයකට තියෙන්නේ වෑඩ කරන්නේ සීයලා,තාත්තලාගේ වයසේ අයත් එක්කනේ.මට තාම වයස 19යිනේ.පොඩි කොලුවා.නේ.අපි අපේ මාර්තුකාවට බහිමු අනේ.

නේවිගේටර් එක කියන්නේ එක්තරා ජිපීඑස් මගින් ක්‍රියාත්මක වන මාර්ග සිතියම් ක්‍රමයක්.එක රියදුරන්ට වගේම සංචාරකයන්ටත් තමා ඉන්න තෑන හදුනා ගෑනීමට වගේම තාමාට යායුතු ඉස්තානයට ලගම පාරකින් ලගාවීමටත් මේ උපකරණය උදව් කරනවා.මේක සමහර ජංගම දුරකථන වලත් තියෙනවා මමනම් දෑකලා තියෙනවා.සමහරු මේකට ටොම් ටොම් කියලත් කියනවා,මතක තියා ගන්න ටොම් ටොම් කිව්වට ඕක එක වර්ගයක් විතරයි.ඔයාලට පහසුවෙන්න මම ඕකේ තියෙන වටිනා කම් පහලින් දාන්නම්.වාහනයක ගමන් ගන්නා විට.ඔය උප කරණය වර්ග තියෙනවා.සමහරක් ඒවා තියෙනවා වටේ අරන් යන ඒවත්.
 

1.තාමා ගමන් ගන්නා මර්ගයේ නම දෑන ගෑනීම
2.ගමන් ගන්නා මාර්ගයේ වාහනය පෑදවිය යුතු උපරිම වේගය දෑන ගෑනීම.
3.වාහනය ගමන් ගන්නා මාර්ගයේ පෑදවිය යුතු පෑත්ත දෑන ගෑනීම.වන්වේද කියලා
4.තමාට යායුතු ස්ථානය වෙත ලගම මාර්ගය දෑන ගෑනීම
5.වේගය පරික්ෂා කරන  උපකරන දුරතියා දෑන ගෑනීමට හෑකිවීම.
6.තව තාමා ගමන් ගන්නා වේගය අනුව යායුතු ස්ථානයට ලාගාවීමට ගතවන කාලය දිස්වේ
7.ඉදිරියෙන් ඈති වංගු සහ වට රවුම් දුර තියා දෑන ගෑනීමට හෑකිවීම
 

තවත් බොහෝ දෑ තියෙනවා ඔය උපකරනයේ. මම ඔය කිව්ව ඒවා සියලුම මාර්ග සිතියම් උපකරණ වල තියෙන පහසුකම්.තව තියෙනවා.ඒවා එකිනෙකට වෙනස්.ඔය ඈතිනේද එක ගෑන කියෙව්වා.අපි කථා කරමු අපේ අනෙක් මාර්තුකාව ගෑන.

මම හිතුවා ඔන්න ඔයලාට දෙන්න වීඩියෝවක්.මොකක්ද දන්නවද මේ.මම කලින් පොස්ට් එකේ කිව්වා මතකද ඉතාලියේ වාහනයක තත්ව පරීක්ෂණය නිකුත් කරන විදිහ කියන්නම් කියලා.ඔයා වීඩීයෝව බාගෙනම බලන්නකෝ.පුලුවන් විදිහට තේරුම් ගන්න බලන්න.මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් ඔයලට දන්න සිංහලෙන්.අදට මේ ඈති මම ගිහින් එන්නම්.ඔයාලට දළදා සමිදු පිහිටයි!



                            වීඩීයෝ එක බාගන්න මෙතන ඔබන්න

Saturday, November 19, 2011

අධි වේගිය ගෑන මට හිතුන දේ....

කොහොමද යාළුවනේ,මම ඔන්න දෙවෙනි පාරටත් මගේ බ්ලොග් එකේ පොස්ට් දාන්න හිතුවා.මේ පාර නම් ලියනවා ඈට්ටි හෑලෙන්න.දන්නවනේ මම කලින් පොස්ට් දෑම්මේ වාහනයක කාර්මික දේවල් ගෑන නේ.තව මගේ ඉතාලියේ පාසල් ජීවිතය ගෑනත් කොටස් දෙකක් ලිව්වනේ.තවත් දේවල් ගෑනත් ලියන්න තමයි අදහස.


දෑන් අපේ රටේ අධිවේගී මාර්ගයත් මේ 27 මට මතක විදිහට ඕපන් වෙනවනේ.අලුත් පාරකින් අපට අඩු වේලාවකින් අගනුවර ඉදන් මාතරට යන්න පුළුවන්නේ.කාටද ආඩම්බර.පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ යතුරු පෑදි තහනම් වුන එක.ඕක මෙහෙම වුණා නම් හරි.එන්ජින්  සිලින්ඩර ධාරිතාව 149න් පහළ යතුරු පෑදි විතරක් තහනම් වුනා නම් මම හිතන්නේ නිවෑරදියි.අපේ රටේ තාම උපරිම සිලින්ඩර ධාරිතාව 250 විතරයි නේ.මම කියන්නේ හොරාට ලියාපදිංචි කර ඒවා නෑතිව.250 නෙවෙයි 1100ත් දෑන් ඔය අපේ කට්ටිය පදින්නේ.තව දෙයක් තමයි ඔය 18,19,64 වගේ පරණ කාර් වලට අලුත් අංක දීලා  අධිවේගී මාර්ගයට එකතු කිරීම.ඒක කරන්න ඕන.හෑබෑයි ඔහොම නෙවෙයි.රු20000 අරන් අංක තහඩුව දෙන්න කලින් වාහනය නිසි ප්‍රමිතියක තියෙද කියලා අනුමෑතිය ලත් කාර්මිකයෙක් ගෙන්  සහතිකයක් අරගෙන ඒ සහතිකය ප්‍රමිතියක තියෙනම් විතරක් අංක තහඩුව නිකුත් කරන්න ඕන .හිතන්න කිසි ප්‍රමිතියක් නෑති වාහනයක් අධික වේගයකින් ධාවනය කරන කොට කාර්මික දෝශයක් ඈති වුනොත් වෙන අනතුර කොච්චර දරුණුද කියලා.අනික ඔය පරණ වාහන වල හදිසි අණතුරකදි කිසිම ආරක්ෂා උපකරන නෑහෑනේ.අනික ඔය පරණ අංක තහඩු වාහන පාවිච්චි කරන්නේ දුප්පත් අපි වගේ මිනිස්සුනේ.ඉතින් ඔය අංක තහඩුව රු10000වගේ සුලු මුදලකට දුන්නා නම් මොකද.මම ඔයාලට පෙන්නන්නම් ඉතාලියේ වාහන ප්‍රමිති සහතිකය නිකුත් කරන්න කලින් ඒ වාහන පාරික්ෂා කරන ආකාරය වීඩියෝවකින් ඉස්සරහදි.මෙහේ නම් ඉතින් උපරිම වේගය පෑ.කි130.ඕක ඉතින් සමහරු 140,150 වගේත් ධාවනය කරනවා.මෙහේ ගොඩක් රියදුරන් අර කඩ්ඩෙන් නෙවිගේටර් කියන්නේ අන්න ඒ උප කරණය බාවිතා කරනවා.ඒකේ වෑටෙනවා නොවෑ ඔයා පොලිස් මාමලා ගාව තියෙන අර මීටරය මීටර 100 දුරදි.ඉතින් කට්ටිය ඊට පස්සේ 130ට නේ යන්නේ.හෑබෑයි තවත් දෙයක් තියෙනවා අධිවේගී මාර්ගයට ඈතුලු වුන වෙලාවයි පිටවුන වෙලාවයි බලලා ගෙදරට දඩ මුදල එවන සිරිතකුත් මේ රටේ තියෙනවා.කොහොමද වෑඩේ නේ.මටනම් ඔය වගේ වෙලා නෑ තාම.මම හොද විනීත රියදුරෙක්නේ.මටත් ඉතින් එකක් දෙකක් දඩ හම්බවුනා.ඒ හෑබෑයි ඒ වාහනය තහනම් කාලාප වල නවත්තලා.ඔය ඈති නේ කිව්වා මම පම්පෝරිය.එහෙනම් අපි ආයෙත් හම්බවෙමු.ඔයාලට දළදා සමිදු පිහිටයි!